Saturday, June 2, 2012

මගේ ජීවිතයේ හොදම නැතිවීම :(

අපේ ජීවිතයේ හොදම නැතිවීම් වෙනවා මටත් ඒ වගේ හොදම නැතිවීම මේ ලදී වුන
එදා මට අද වගේ මතකයි අප්‍රේල් 06 වෙනිදා මට  මගේ පරණ  යක්ෂණිය මතක් වෙලා ඔයාල දන්නවනේ අර දොඩම් ගෙඩිය ගැන ආප්ප කඩේ ආප්ප කන්නේ නැති දග මල්ල  මම මුහුණු පොතේ පොඩ්ඩක් එයට  බැන්නා ඒ වෙලාවේ මගේ පණිවුඩ වලට  පණිවුඩයක් ගලා ආවේ ඒ සැනකින්ය එයා ගැනු  ළමයෙක්  එයා කියනවා මටත් මගේ පරණ යකා ගැන  ඔය වෙලාවේ හිතුනේ ඕකමයි කිවුවා ම්ම්ම්ම් විස්තර හොයල  බැලුවා එයා වැව රවුමේ තියෙන ටිකකක් ගැට්ට තියෙන පාසලක ගැනුළමයෙක් එයාගේ නම නුනී ඇත්තම කියනවනම් මම එයට සුරතලේට කතා කරේ ඒ නමින්   ඉතින් ඒ වෙලාවේ මම එයාගේ හිත හැදුවා එයා මට ස්තුති කරලා යන්න ගියා එදා එයා ගියාම මට හිතුනේ නෑ එයා මගේ ජීවිතේට නැවත වරක් මුණ ගැසේවි කියලා   

සුපුරුදු පරිදි රුවලක් නැති නැවක් වගේ මගේ ජීවිතේ අයාලේ යන දවසක මගේ නැව හොදට තිබුනා එත් අර ආප්ප යක්ෂණිය ඇවිත් ආදරේ නමැති සුනාමියක් ගැහුවනෙ කට උත්තර නෑ    අප්‍රේල් 19 මට පණිවුඩයක් ඇවිත් තිබුනා මගේ යාළුවෙක්ගෙන් ඉතින් ඒ වෙලාවේ මට මතක් වුනා නුනී ඉතින් මම වත ගොත අහලා පණිවුඩයක් දැම්මා    ඒ සැනින් එයත් හොදයි කියලා මගෙනුත් විස්තර ඇසුවා දැන් ඉතින් අපි දෙන්න  බර දාල කඩේ දාගත්ත ආදරේ නමැති  සුනාමිය  එයටත් වැදිලා හෙම්බත් වෙලා අපි දෙන්න ගොඩක් කතා කර ඇත්තටම මම එයාගේ හිත පුළුවන් හැම විදියටම හැදුවා එයා එත් සුනාමියේ බල පැම  ගැන කම්පාවෙන් හිටියේ එත් යන්තම් දුරට ගොඩ ගත්තා ඔව් එයා ගොඩක් දුරට ගොඩ අවා අයාලේ යන මට හැම වෙලාවේම නිවැරදි පාර පෙන්නන  යාලුවෙක් හිටියා මම යාලුවට විහිලු කරන්නේ උබේ වෙනස් කම ලොකු ලොකු ගැනු ළමයි  ලොකු වෙලා ටොමිනේ කියලා එත් මල හුනියමයි මේ යෝදයා එක මට අනිත් පැත්තට දැන් කියනවා පාසැල පමණි වෙනස් හිකිස්  


එත් අප්‍රේල් 26 එයා පෙන්න නෑ මට ඇත්තටම පොඩි  upset එකක් අවා එයා කිවුවා ජොබ් එකට ගියා දැන් යේ එන්න වෙන්නේ නෑ කියලා ම්ම්ම් මම i miss ඔයා කියලා පණිවුඩයක් යවලා ඊලග දවසේ ඉදල ආතල් එකේ හිටියා හොදේ ටිකකක් දුකයි  එත් දැන් ගානක් නෑ    ඔන්න ඉතින් මම දවසක් මුහුණු පොතට ගියෙත් අඩුවෙන් එත් මැයි 08 එයා මට පණිවුඩයක් ආයෙත් එවල තිබුනා  ඔන්න ඉතින් අපි කඩේ දාගත්ත සින්දු හුවමාරු කර ගත්තා එයාගේ දාල තිබුනා පින්තුරය කැතියි මම ලස්සන එකක් හොයල දුන්නා ඉතින් කොහොම හරි අපි දෙන්නගේ කතාව දුර දිග ගියා යලුඕ වුනාට කිසි දිනක දැක නැති අපි දෙදෙනා අපේ හැම දෙයක්ම වගේ නොසගවා කතා කර හිකිස් මගෙත් නැව දැන් අත්ලාන්තික් වල නැංගුරම් දාල තිබුනා හීහිහි   


මැයි 11 එයා ගොඩක් දුකෙන් ඉතින් මම සුපුරුදු පරිදි මෙහෙම හිත හැදුවා මොකද එයා මට කියනවා එපා වෙලා මම මැරිලා යන්නෙත් නැනේ කියලා එත් මම දන්නේ නැද්ද මැරෙන කෙනා කියා කියා මැරෙනවයි එත් ඉතින් හිත හැදුවා එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඔයාගේ දුරකතනයට ඇමතුමක් දෙන්නද කියලා සංසාරේ මම බය වුනා දැන්නම් මගේ හදවතේ බට්ටා දඩින් බීඩින් තමයි මම කිවුවා   හා ගන්න කියලා ඒ වෙලාවේ ම ඇමතුමක් පැමිණියා ඇත්තටම ලස්සන මිහිරි කටහඩක් හපොයි එයා දැන් ටික ටික එයාගේ ඇත්ත නම කිවුවා ඉතින් අපි දෙන්න කතාව දාගෙන හිටියා ම්ම්ම් මම කෝකටත් කියලා පාර පැත්තට ගිහින් මලක් කැඩුවේ අපේ මාමා ගෙදර දන්නවනේ දැන්නම්   වේවැල් කසයනම් දෙන්නේ නෑ එත් පරිත්යාන දර්ම දේශනාවක්නම් නොවරදනා බව  දන්නා බැවින් පාරට ගියා ම්ම්ම්ම්ම්  අපි දෙන්න පැය 3 ක් පමණ කතා කර මට town එකට ගියාම යේ පාරක් එයාට කතා කර අපි දෙන්න ගොඩක් දේවල් ගැන කතා කර හිකිස් දන්නේ නැතුවම මට මගේ පරණ ගැනු ළමයත් අමතක වුනා පරණ කිවුවේ යක්ෂණිය හිකිස් 


නුනී හරි දගය හැබැයි දවසක් මට එයාගේ මිහිරි කට හඩ ඇහෙන මොහොතක  එයා අම්මිට කිවුවා ටි එකක් හදල දෙන්න කියලා කැගහල කිවුවේ හත් දෙවියනේ මිහිරි සුමිහිරි තමයි හරියට කපුටියෙක් කගහනවා වගේ එත් නැවතත් සුපුරුදු ලෙන්ගතු කටහඩ මට ඇහුනා මම මෙයාව දැකල තිබුනේ නෑ එත් මෙයාගේ සමහර මෝඩ වැඩ අහන මෝඩ සින්දු හා  දග වැඩ සහ  හැසිරීමට විශේෂයෙන්ම නපුරු වැඩ වලට   මම වශී වෙලා හිටියේ  මම පෙන්නන්න ගියේ නෑ එත් අපි දෙන්න ගොඩක් ලංවුණා මම දුරකථනය off කරොත් මරන්න හදනවා සත්තුන්ගේ නම් කියලා බනිනවා තව අපි දෙන්න රණ්ඩු වෙනවා බැන ගන්නවා  හිහිහිහිහි එත් මෙය මා එක්ක තියෙන කතා බහ අඩු කර මම ඇහුවම ඇයි කියලා ඔයා මට ලං වුනොත් එකෙන් දුකක් වෙන්නේ ඔයටමයි කිවුවා  මම දැකලවත් නැතිඑයා ගැන මගේ හිතේ තිබුනා ආදරේ පැවසුවා එයටත් දැනිල ඒ නිසලු ඇත් වුනේ කිවුවා  ම්ම්ම්ම් එයා මට බොළදයි ඕනෑම දෙයක් ගැන ඕනවට වැඩිය හිතනවා ඔයා සංවේදී වැඩි කියලා මගේ යාලුවෙක්ට කියලා තිබුනා එත් නුනී මේක ඔයා දවසක කියවන්න කියවනවා එක මට විස්වාසයි  මව කවදාකවත් පිටතින් දකින කෙනා නෙමෙයි මම ලග හිටියේ ඇතුලතින් සරල කෙනෙක් එත් මට හිතෙනවා එක  තේරුම් ගත්තේ ඔයා පරක්කු වෙලානේ   


ම්ම්ම්ම් ඊට පස්සේ අපි දෙන්න මුණ ගැසුනා එයා කිවුවේ මම චීස් බෝලයක් කියලා එයා කටුස්සියක් වගේ නමුත් හැඩයි එයා අඩි උස   සපත්තුවක් දාල නිල්පාට ට් එකයි කලිසමක් ගහල හිටියේ උසට සරිලන ශරීරයකින් හෙබි ලස්සන කෙනෙක් මම හිතුවටත් වැඩිය එත් එයා ලගදි ඉදන් මාත් එක්ක කතා නැහැ එය පරණ කෙනා එක්ක ආදර සම්බන්දයක් පටන් ගත්තා කියලා කිවුවා මාත් එක්ක කතා කරපු බවක් කියන්න එපා කිවුවා කවුරු ඇහුවත් මම හා කියලා සමු දුන්නා ආයේ එයාට මට කතා කරන්න වෙන්නේ නෑ කියලා කිවුවා පාඩම් කරන්නේ නැති නිසා තත්තා දුරකථනය ගත්තා කිවුවා මාත් එයාගේ නම්බරය දුරකතනයෙන් ඉවත් කරා මොකද මම තව දුරටත් හාවෙක් නොවන නිසා   ම්ම්ම් ඔයා ඔක්කොම අමතක කරලා    මම ඊයේ ජීවිතේ අලුතින් පටන් ගත්තා රෑ 08 ට විතර දුරකතනයට අදුරන්නේ නැති නම්බරයකින් පණිවුඩ තිබුනා කියවනකොට තේරුණා නුනී කියලා ම්ම් හොදම වැඩේ කියන්නේ එයාට මංගල යෝජනාවක් තිබුනා දොස්තර කෙනෙක්ගෙන් එයා මට එක ගැන කියලා තිබුනේ ම්ම් එයා එකට කැමැති වෙලා එන මාසේ බදිනවලු ම්ම්ම් මට කියනවා ඇයි  ඔයා මට කැමැති වුනේ??? ඉතින්  මම කිවුවා ඔයාගේ හැසිරීමට සහ දග වැඩ වලට කියලා ම්ම්ම් මම ටිකක් උත්තර නොදී හිටියා එතකොට එයා අහනවා    ඔයාඇයි නිහඩ වෙලා මටත්  දුකයි කිවුවා අපි ආස කරන ඒවා අපිට ලැබෙන්නේ නෑ කිවුවා එයාට දුක එයා නිසා මගේ හිත රිදුනනම් සමවෙන්න කිවුවා  ම්ම්ම් මම එයාට සුබ පැතුවා අලුතින් පටන් ගන්න හදන ජීවිතයට එයා දන්නවා මගේ අනගත බලාපොරොත්තුව මට සුබ පැතුවා ඔව් මම කොහොම හරි මගේ උපදීය සම්පුර්ණ  කරා ගන්න ඕන ඇත්තම කියනවනම් මම මේක ලිවුවේ ඔයාට මොකද මම අතීතයේ දුකෙන් ඉන්න වෙලාවේ ඔයා තමයි ඒ නපුරු අතීතයෙන් මාව ගොඩ දැම්මේ   ඒ වගේම මගේ හොදම යාළුවා ඔයා යන්න හදන අලුත් ජීවිතේ සතුටින් ඉන්න මගේ නම්බරය වැඩ කරන එකක් නෑ වැරදියට හිතන්න එපා දවසක් හරි ඔයාට ආදරේ කරපු ගෙම්බා මෙතනින් සමුගන්නවා බකමුනි හොදින් ඉන්න 


ඒ වගේම මගේ ජිවිතයේ හොදම නැති වීම ඔයා  best  missing 4 my  life    i miss you බකමුනිනිනි 

4 comments:

  1. හප්පා හොදටම සිරා වෙලා වගේ .... :O

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම් දන්නවනේ සංවේදී හදවත් අත්තොනේ

      Delete
  2. අම්මෝ කියවලා බලන්න ගොඩක් දේවල් තියෙනවා ,අද තමයි මේ පැත්තට ආවේ ....

    ReplyDelete
  3. තමන් ආදරය කරන කෙනාට වඩා තමන්ට ආදරය කරන කෙනෙක් තමා වටින්නේ ...

    ReplyDelete