Saturday, June 2, 2012

මගේ ජීවිතයේ හොදම නැතිවීම :(

අපේ ජීවිතයේ හොදම නැතිවීම් වෙනවා මටත් ඒ වගේ හොදම නැතිවීම මේ ලදී වුන
එදා මට අද වගේ මතකයි අප්‍රේල් 06 වෙනිදා මට  මගේ පරණ  යක්ෂණිය මතක් වෙලා ඔයාල දන්නවනේ අර දොඩම් ගෙඩිය ගැන ආප්ප කඩේ ආප්ප කන්නේ නැති දග මල්ල  මම මුහුණු පොතේ පොඩ්ඩක් එයට  බැන්නා ඒ වෙලාවේ මගේ පණිවුඩ වලට  පණිවුඩයක් ගලා ආවේ ඒ සැනකින්ය එයා ගැනු  ළමයෙක්  එයා කියනවා මටත් මගේ පරණ යකා ගැන  ඔය වෙලාවේ හිතුනේ ඕකමයි කිවුවා ම්ම්ම්ම් විස්තර හොයල  බැලුවා එයා වැව රවුමේ තියෙන ටිකකක් ගැට්ට තියෙන පාසලක ගැනුළමයෙක් එයාගේ නම නුනී ඇත්තම කියනවනම් මම එයට සුරතලේට කතා කරේ ඒ නමින්   ඉතින් ඒ වෙලාවේ මම එයාගේ හිත හැදුවා එයා මට ස්තුති කරලා යන්න ගියා එදා එයා ගියාම මට හිතුනේ නෑ එයා මගේ ජීවිතේට නැවත වරක් මුණ ගැසේවි කියලා   

සුපුරුදු පරිදි රුවලක් නැති නැවක් වගේ මගේ ජීවිතේ අයාලේ යන දවසක මගේ නැව හොදට තිබුනා එත් අර ආප්ප යක්ෂණිය ඇවිත් ආදරේ නමැති සුනාමියක් ගැහුවනෙ කට උත්තර නෑ    අප්‍රේල් 19 මට පණිවුඩයක් ඇවිත් තිබුනා මගේ යාළුවෙක්ගෙන් ඉතින් ඒ වෙලාවේ මට මතක් වුනා නුනී ඉතින් මම වත ගොත අහලා පණිවුඩයක් දැම්මා    ඒ සැනින් එයත් හොදයි කියලා මගෙනුත් විස්තර ඇසුවා දැන් ඉතින් අපි දෙන්න  බර දාල කඩේ දාගත්ත ආදරේ නමැති  සුනාමිය  එයටත් වැදිලා හෙම්බත් වෙලා අපි දෙන්න ගොඩක් කතා කර ඇත්තටම මම එයාගේ හිත පුළුවන් හැම විදියටම හැදුවා එයා එත් සුනාමියේ බල පැම  ගැන කම්පාවෙන් හිටියේ එත් යන්තම් දුරට ගොඩ ගත්තා ඔව් එයා ගොඩක් දුරට ගොඩ අවා අයාලේ යන මට හැම වෙලාවේම නිවැරදි පාර පෙන්නන  යාලුවෙක් හිටියා මම යාලුවට විහිලු කරන්නේ උබේ වෙනස් කම ලොකු ලොකු ගැනු ළමයි  ලොකු වෙලා ටොමිනේ කියලා එත් මල හුනියමයි මේ යෝදයා එක මට අනිත් පැත්තට දැන් කියනවා පාසැල පමණි වෙනස් හිකිස්  


එත් අප්‍රේල් 26 එයා පෙන්න නෑ මට ඇත්තටම පොඩි  upset එකක් අවා එයා කිවුවා ජොබ් එකට ගියා දැන් යේ එන්න වෙන්නේ නෑ කියලා ම්ම්ම් මම i miss ඔයා කියලා පණිවුඩයක් යවලා ඊලග දවසේ ඉදල ආතල් එකේ හිටියා හොදේ ටිකකක් දුකයි  එත් දැන් ගානක් නෑ    ඔන්න ඉතින් මම දවසක් මුහුණු පොතට ගියෙත් අඩුවෙන් එත් මැයි 08 එයා මට පණිවුඩයක් ආයෙත් එවල තිබුනා  ඔන්න ඉතින් අපි කඩේ දාගත්ත සින්දු හුවමාරු කර ගත්තා එයාගේ දාල තිබුනා පින්තුරය කැතියි මම ලස්සන එකක් හොයල දුන්නා ඉතින් කොහොම හරි අපි දෙන්නගේ කතාව දුර දිග ගියා යලුඕ වුනාට කිසි දිනක දැක නැති අපි දෙදෙනා අපේ හැම දෙයක්ම වගේ නොසගවා කතා කර හිකිස් මගෙත් නැව දැන් අත්ලාන්තික් වල නැංගුරම් දාල තිබුනා හීහිහි   


මැයි 11 එයා ගොඩක් දුකෙන් ඉතින් මම සුපුරුදු පරිදි මෙහෙම හිත හැදුවා මොකද එයා මට කියනවා එපා වෙලා මම මැරිලා යන්නෙත් නැනේ කියලා එත් මම දන්නේ නැද්ද මැරෙන කෙනා කියා කියා මැරෙනවයි එත් ඉතින් හිත හැදුවා එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඔයාගේ දුරකතනයට ඇමතුමක් දෙන්නද කියලා සංසාරේ මම බය වුනා දැන්නම් මගේ හදවතේ බට්ටා දඩින් බීඩින් තමයි මම කිවුවා   හා ගන්න කියලා ඒ වෙලාවේ ම ඇමතුමක් පැමිණියා ඇත්තටම ලස්සන මිහිරි කටහඩක් හපොයි එයා දැන් ටික ටික එයාගේ ඇත්ත නම කිවුවා ඉතින් අපි දෙන්න කතාව දාගෙන හිටියා ම්ම්ම් මම කෝකටත් කියලා පාර පැත්තට ගිහින් මලක් කැඩුවේ අපේ මාමා ගෙදර දන්නවනේ දැන්නම්   වේවැල් කසයනම් දෙන්නේ නෑ එත් පරිත්යාන දර්ම දේශනාවක්නම් නොවරදනා බව  දන්නා බැවින් පාරට ගියා ම්ම්ම්ම්ම්  අපි දෙන්න පැය 3 ක් පමණ කතා කර මට town එකට ගියාම යේ පාරක් එයාට කතා කර අපි දෙන්න ගොඩක් දේවල් ගැන කතා කර හිකිස් දන්නේ නැතුවම මට මගේ පරණ ගැනු ළමයත් අමතක වුනා පරණ කිවුවේ යක්ෂණිය හිකිස් 


නුනී හරි දගය හැබැයි දවසක් මට එයාගේ මිහිරි කට හඩ ඇහෙන මොහොතක  එයා අම්මිට කිවුවා ටි එකක් හදල දෙන්න කියලා කැගහල කිවුවේ හත් දෙවියනේ මිහිරි සුමිහිරි තමයි හරියට කපුටියෙක් කගහනවා වගේ එත් නැවතත් සුපුරුදු ලෙන්ගතු කටහඩ මට ඇහුනා මම මෙයාව දැකල තිබුනේ නෑ එත් මෙයාගේ සමහර මෝඩ වැඩ අහන මෝඩ සින්දු හා  දග වැඩ සහ  හැසිරීමට විශේෂයෙන්ම නපුරු වැඩ වලට   මම වශී වෙලා හිටියේ  මම පෙන්නන්න ගියේ නෑ එත් අපි දෙන්න ගොඩක් ලංවුණා මම දුරකථනය off කරොත් මරන්න හදනවා සත්තුන්ගේ නම් කියලා බනිනවා තව අපි දෙන්න රණ්ඩු වෙනවා බැන ගන්නවා  හිහිහිහිහි එත් මෙය මා එක්ක තියෙන කතා බහ අඩු කර මම ඇහුවම ඇයි කියලා ඔයා මට ලං වුනොත් එකෙන් දුකක් වෙන්නේ ඔයටමයි කිවුවා  මම දැකලවත් නැතිඑයා ගැන මගේ හිතේ තිබුනා ආදරේ පැවසුවා එයටත් දැනිල ඒ නිසලු ඇත් වුනේ කිවුවා  ම්ම්ම්ම් එයා මට බොළදයි ඕනෑම දෙයක් ගැන ඕනවට වැඩිය හිතනවා ඔයා සංවේදී වැඩි කියලා මගේ යාලුවෙක්ට කියලා තිබුනා එත් නුනී මේක ඔයා දවසක කියවන්න කියවනවා එක මට විස්වාසයි  මව කවදාකවත් පිටතින් දකින කෙනා නෙමෙයි මම ලග හිටියේ ඇතුලතින් සරල කෙනෙක් එත් මට හිතෙනවා එක  තේරුම් ගත්තේ ඔයා පරක්කු වෙලානේ   


ම්ම්ම්ම් ඊට පස්සේ අපි දෙන්න මුණ ගැසුනා එයා කිවුවේ මම චීස් බෝලයක් කියලා එයා කටුස්සියක් වගේ නමුත් හැඩයි එයා අඩි උස   සපත්තුවක් දාල නිල්පාට ට් එකයි කලිසමක් ගහල හිටියේ උසට සරිලන ශරීරයකින් හෙබි ලස්සන කෙනෙක් මම හිතුවටත් වැඩිය එත් එයා ලගදි ඉදන් මාත් එක්ක කතා නැහැ එය පරණ කෙනා එක්ක ආදර සම්බන්දයක් පටන් ගත්තා කියලා කිවුවා මාත් එක්ක කතා කරපු බවක් කියන්න එපා කිවුවා කවුරු ඇහුවත් මම හා කියලා සමු දුන්නා ආයේ එයාට මට කතා කරන්න වෙන්නේ නෑ කියලා කිවුවා පාඩම් කරන්නේ නැති නිසා තත්තා දුරකථනය ගත්තා කිවුවා මාත් එයාගේ නම්බරය දුරකතනයෙන් ඉවත් කරා මොකද මම තව දුරටත් හාවෙක් නොවන නිසා   ම්ම්ම් ඔයා ඔක්කොම අමතක කරලා    මම ඊයේ ජීවිතේ අලුතින් පටන් ගත්තා රෑ 08 ට විතර දුරකතනයට අදුරන්නේ නැති නම්බරයකින් පණිවුඩ තිබුනා කියවනකොට තේරුණා නුනී කියලා ම්ම් හොදම වැඩේ කියන්නේ එයාට මංගල යෝජනාවක් තිබුනා දොස්තර කෙනෙක්ගෙන් එයා මට එක ගැන කියලා තිබුනේ ම්ම් එයා එකට කැමැති වෙලා එන මාසේ බදිනවලු ම්ම්ම් මට කියනවා ඇයි  ඔයා මට කැමැති වුනේ??? ඉතින්  මම කිවුවා ඔයාගේ හැසිරීමට සහ දග වැඩ වලට කියලා ම්ම්ම් මම ටිකක් උත්තර නොදී හිටියා එතකොට එයා අහනවා    ඔයාඇයි නිහඩ වෙලා මටත්  දුකයි කිවුවා අපි ආස කරන ඒවා අපිට ලැබෙන්නේ නෑ කිවුවා එයාට දුක එයා නිසා මගේ හිත රිදුනනම් සමවෙන්න කිවුවා  ම්ම්ම් මම එයාට සුබ පැතුවා අලුතින් පටන් ගන්න හදන ජීවිතයට එයා දන්නවා මගේ අනගත බලාපොරොත්තුව මට සුබ පැතුවා ඔව් මම කොහොම හරි මගේ උපදීය සම්පුර්ණ  කරා ගන්න ඕන ඇත්තම කියනවනම් මම මේක ලිවුවේ ඔයාට මොකද මම අතීතයේ දුකෙන් ඉන්න වෙලාවේ ඔයා තමයි ඒ නපුරු අතීතයෙන් මාව ගොඩ දැම්මේ   ඒ වගේම මගේ හොදම යාළුවා ඔයා යන්න හදන අලුත් ජීවිතේ සතුටින් ඉන්න මගේ නම්බරය වැඩ කරන එකක් නෑ වැරදියට හිතන්න එපා දවසක් හරි ඔයාට ආදරේ කරපු ගෙම්බා මෙතනින් සමුගන්නවා බකමුනි හොදින් ඉන්න 


ඒ වගේම මගේ ජිවිතයේ හොදම නැති වීම ඔයා  best  missing 4 my  life    i miss you බකමුනිනිනි 

Friday, June 1, 2012

පෙම්වතිය සහ යක්ෂණිය (seson එක)

2010 ජුනි 04 වැනිදා මගේ ජීවිතේ ඓතිහාසික දවසක් මම කවදක්වත් නැතුව  වේලාසන අවදි වුනා අද පන්තිනේ අනික සතියේ දවසක් ටොමි  බඩුවක්  හරි  සුරංගනාවියක්  ටෝක් කරන්න නියම දවස එත් කම්මලි ඕන මගුලක් කියල දත් මඩල පිරිසිදු කරගෙන මාසෙකින් විතර  හෝදපු නැති ඩෙනිම සහ ගිය සතියේ ඇදපු ටි ෂර්ට් එක ඇද ගෙන මාමගේ  සුවද විලවුන් බෝතලේ හලාගෙන   හෙමිට ගෙදරින් අදා වගේ ලිස්සල යන්න හැදුව විතරයි හත්තලමට ගහපු කලබරයා මාමා අවා කොහෙද උදේ පාන්දරම පනින්න්නේ හොර ගමනක්ද??? අද තෝව මම හැම ගහනවා...... සුදු මේ උබ මාව රවට්ටන්න හදන්න ඔය වගේ කෙටි ප්‍රශ්න පත්තරයක් උදේ පාන්දර ලැබෙනකොට කොහොමද  දැනෙන සතුට මල් පොකුරු පනිනවනේ ඔය හැම ප්‍රශ්න වලට ම  කෙටි පිළිතුරු ලබා දෙන එක ඇගට ගුණයි හෙමිට  නයා පාරක් අත ඇරලා රුපියල් 100      
දතක් පන්නගෙනම   සිනබෝ පාරක් දාලා ගෙදරින් පැන ගත්තා අපේ මාමා හිතන්නේ තාම  මම පොඩි එකා කියලා ඒ වුනාට අපේ යාලුවොන්ගෙන් අහන්නකො මම හොද කුකුළා  පැණි කුකුළා හිකිස්  

ඔන්න බස් හෝල්ට් එකට යනකොට පහ පසුවී විනාඩි හතලිස් පහක් පමණ ඇති අම්මා ගහයි ලත්තන  ටොමි බබාලා දෙන්නෙක් අලි සෝක්  බබාලා කිවුවාට එයාලා ලොකු බබාලා හොදේ  හිහිහි ඔන්න ඉතින් මමත් මෙයාල නැග්ග බස් එකටම නැග්ගා මගේ පැණි මුට්ටිය උතුරලා යන්නකම් බලාගෙන ඉන්නවා මෙයාල ආසාවට බලන්නේවත් නැනේ මත මනෝ ගහ ගහ හිටිය  ෂිට් ලැජ්ජාවයි සන්තෝසේ බෑ මාලිගාව ලගින් බැහැලා ටිකක් විතර ඉස්සරහට ගොහින් කෙට්ටු මොඩල් කොට මොඩල් එතකොට හොද හොද කදවල් දිහා බලාගෙන හිටිය වැඩක් නෑ අද සිකුරු ග්‍රහයා මට අතවර කරලද කොහෙද අපිටත් දවසක ඉර පායායිනේ කියලා හිත හදාගෙන පන්තිය පැත්තට  ගියා මෙලෝ යකෙක් නෑ අරලිය ගහයටට වෙලා හිටිය ටික වෙලාවකට පස්සේ  රෝස පාට ට් එකක් සහ ඩෙනිමක් ඇදගෙන කොට මොඩල් සුදුම සුදු පුංචි සුරංගනාවියක් දැක්කා රෝස මලක් වගේ  අපොයි මට ඉන්න බෑ එත් පුදුමෙයි කියන්නේ එයාගේ ඇස් දිහා මම බැලුවා එයත් මගේ ඇස් දිහා බැලුවා තප්පර කිහිපයකට අනේ මන්දා ගොඩක් කාලයක් අදුරනවා වගේ දැනුනා එයා පන්තියට ගියා මාත් ටික වෙලාවකින් ඒ පැත්තට ගියා මට අර රෝස මල ගැන දැන ගන්න අසවේ බෑ දන්නේ නැද්ද වේලුන කාන්තාරෙකට වැහි වලාවක් ආවම දැනෙන හැගීම  මං පන්තියේ ශනි  අක්කි සහ කුමාරි අක්කි  ගෙන් එයා ගැන ඇහුවා මල්ලි එයා කුෂි කර්මය කරන්නේ කිවුවා ආහ නම මොකක්ද ඇහුවා එයාගේ නම තමයි නිපු  එයාගේ පාසැල මහනුවර ප්‍රසිද්ද  ආප්ප කඩේ එත් එයා ආප්ප කන පටක්නම් පෙනුනේ නෑ   ඔන්න්න ඉතින් මම තව විස්තර අහා ගත්තා මට පන්ති තිබුනේ නෑ මම එයාගේ පන්තිය ලගින් දෙපාරක් තුන් පාරක් ගියා යන හැම වෙලාවේම පුංචි  නිපු  රෝස මල දිහා බලාගෙන ගියේ   මං ඕන මගුලක් වුන දෙන් අද මෙයාගෙන් කැමැත්ත අහනවා කියල ශනි අක්කිට කිවුවම මෙයාල දෙන්නා හතර බිරි කතාවක්  කිවුවේ නැද්ද  කියපන්කො මේ එයා අක්කි කෙනෙක් ලු හපොයි මගේ රෝස මල් සිහිනය බොද වුන වගේ දැනුනා  ඕන දෙයක් මම එයට කැමැති කිවුවා අක්කිලා දෙන්නා කිවුවා ඕනි උදවුවක් අපෙන් කියලා එත් එයා පන්ති ඉවර වෙන්න කලින් මට යන්න වුනා ඒ අතර තුර රෝස මල දැනගෙන මම එයට කැමැති බව සහ මම මල්ලි කෙනෙක් කියන ඒක ලාවට වගේ දැනිල මට ශනි අක්කි විස්තරේ කිවුවා  හිකිස්  

මාත් වැඩේ අත ඇරියේ නෑ   ඉතින් මම ගෙදර ගොහින් ෆොටෝ ෂොප් වලින්  හැදුනුම් පත්ක හැදුවා වයස වෙනස් කරා චාය පිටපටකුත් අරගෙන පන්තියට ගියා 2010 ජුනි 09 එයා 2.30 විතර අවා තැබිලි පාටයි එයා ඇදගෙන ආපු ඒක හරියට දොඩම් ගෙඩියක් වගේ මම එයා එනකම් ඉදලා නිපු පොඩ්ඩකට ඉන්න පුලුවන්ද  ඇහුවා  එයා ඇහුවා මොකටද කියල මම කිවුවා මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා කියල මොකක්ද ඇහුවා ම්ම්ම් මම එයාගේ ඇස් දෙක දිහා බැලුවා  මේකයි මම ඔයාට ආදරේ කරනවා ඔයාට පුලුවන්ද මට ආදරේ කරන්න ඇහුවා විතරයි අප්පෝ බෑ ඔය මල්ලි කෙනෙක් කියල දිවුවා මට හොදටම upset දොඩම් ගෙඩියක්  වගේ වුනාට ඒ තරම් පැණි රස උත්තරයක් නෙමෙයිනේ මට ලැබුනේ හිකිස් මම දුකෙන් පන්තියෙන් ගියා අතල්ම වැඩේ කියන්නේ මම ගියාට පස්සේ මම අදුරන අයිය කෙනෙක් එතන ඉදලා දොඩම් ගෙඩිය හෙමිට ඇවිත් අක්කිලගෙන් අහල මම ගැන විස්තර එයා මල්ලි කෙනෙක් නේද ?? ඒවගේ මම ගැන ඔක්කොම ඕපාදුප  අහලා අර අක්කිලා ඔක්කොම ඇත්ත කියල එත් මල්ලි කෙනෙක් බව කියල නෑ හිකිස්   අර අයියා මට ඊලග දවසේ මුණ ගැහිලා හැම දේම පැවසුවා ඒ වෙනකම් මම ලග දුරකතනයක් තිබුනේ නෑ එදාම පාවිච්චි කරන ලද දුරකතනයක් මිලදී ගෙන සිම් පතකුත් ගත්තා ඊට පස්සේ මම හැමදාම රෝස මල දිහා බල බල හිටිය හැබැයි  හොරෙන් එයා පන්ති ඉවර වෙලා එනකම් හෝල්ට් එකට වෙලා කට්ටක් වින්දා  ඒ වගේද දොඩම් ගෙඩිය මගේ වුනාම දැනෙන ආඩම්බරය හිකිස් 

ජුනි 24 2010 මම ශනි අක්කිට sms එකක් යැවුවා ටිකක් බර හදවත හිම වගේනම්  නම් දිය වෙලා ආදරේ දොර ගලන විදියේ   කඩ්ඩ සින්දුවක් ඇත්තම කියනවනම් අද මගේ හොදම යාළුවා තමයි ඒක ලියල දුන්නේ  ඊට පස්සේ රෝස මල ශනි අක්කිට එවල තිබුනා මට එවන්න කියලා  මම හොයන්නේ හැමදාටම මගේ ලග ඉදන් මට ආදරේ කරන කෙනෙක් නැතුව මස දෙක තුනකට නෙමෙයි කියලා මම කිවුවා මම හැමදටමයි එයට ආදරේ කරන්නේ නැතිව ටික කලෙකටනම් නෙමෙයි  කියලා කිවුවා  ටික කලෙකට ඕනි  නම් එයා එපා  අල්ලපු ගෙදර ලස්ස්සන ඇන්ටිට ආදරේ කරනවානේ මට එවෙලවේම  හිතුනේ  එත් කිවුවේ නෑ ඕව කියන්න පුලුවන්ද අනේ හිකිස් කොහොම හරි රෝස මල  මට miss call  එකක් දැම්මා මම msg  කරා ගොඩක් වෙලා රෝස මල  මිට කලින් සපත්තුවක් කලා ඉතින් එයා හැමදේම කිවුවා පොඩි අකරතැබ්බයක් වුනානේ අපේ මාම් දන්නේ නෑ මම ෆොනේ එකක් පාවිච්චි කරන බව අලි මදිවට කොටි කියපන්කො එහෙන් මෙය කියනවා ආදරේ කරන්න බයිලු ඒ මදිවට  මාමට  අහුවුනානේ ෆොනේ ඒක ඉදපන් උබට හොර පුසා වගේ ඉදන්  කරන දේවල් වෙලාවට එයාගේ sms එකක්වත් තිබුනේ නෑ එත් බැනුම් උබ මොකටද ෆොනේ එකක් ගත්තේ ආහ කොහෙන්ද සල්ලි සුදු උබ මාව ගොනාට අන්දන්න හදන්න එපා හම ගහනවා කියල ගත්තේ නැද්ද වේවැල  හරි අද නම්  සොරි සුවපත් තමයි මාම්  යකෙක් වගේ හරියට මහා රාක්ෂ වගේ කියපන්  කොහොමද ගත්තේ මාව හාවා කරන්නද  උබ හැදුවේ  හිතුවා මදි ඉදපන් කියල වේවැලෙන් දෙකක් දුන්නේ නැද්ද කිස් කනවා ඒ මදිවට  වඩ දිය පාරක් යන්න තරම් රිදෙනවා    මම ගත් කටටම  කිවුවා යාලුවෙක් දුන්නේ කියල එයා ඇම ගිල්ලා උබ a /l   අසමත් වෙයන්කෝ එදාට මරනවා මගුල් නටල අහුවෙයන්කෝ හම ගහනවා හෙමිට මම වැසිකිලියට දිවුවා වඩ දිය දන්න අලවකයා ගැහුවනෙ කියා කියා හිතින් බැන්න මාමී නැන්දලගේ ගෙදර ගියා මට ඉතින් මගුල් ගෙදරක් වගේ අද පාඩම් කරන්න ඕනි නෑ රෝස මල එක්ක චැට් පාරක් දාන්න පුළුවන් රෝස මල අඩනවා ඉවරයක් නෑ මට එපා වෙලා එත් මොනවා කරන්න ද එයා හෙට වෙනකම් කල් ඉල්ලුවා ආහ සුබ රාත්‍රියක් කියල මම නිල් චිත්‍රපටියක් බලන්න හැදුවා බෑ වගේ රෝස මල මතක් වෙනවා හීහිහි මනෝ පාරක් ගහගෙනම නිදා ගත්තා       

උදේ පාන්දර සුබ උදැසනක් කියල ටිකක් කතා බහ කරා එයා කිවුවා හවස කියන්නම් කියල එදා පොසොන් පෝය ඉතින් මාමී සිල් ගන්න ගියා මම ආදරණිය සින්දු අහගෙන රෝස මල ගැන හිතා හිතා මනෝ ලෝකේ අතරමන්  වෙලා අයියෝ රෝස මල ගැන හිතනකොට හදවත සිතල වෙලා යනවා මට විශ්වාසයි මෙය කැමැති වෙනවා කියල දැන් ඉතින් කාලය ගෙවෙනවා මාමී හවස කතා කරලා කිවුවා අරුප්පල එන්න කියල මම නවයලතැන්නේ ඉදන් පොල්ගොල්ල හරහා පයින් යනවා දන්සල් දෙකකුත් වැලදුව රෝසමල මගෙන් අහනව ඔයාගෙන් දෙයක් අහන්න මම ගොඩක් සල්ලි නැති කෙනෙක් ඔය මට ආදරේ කරන්නේ හැමදාටම නේද මමත් අනුරාගයෙන් මාත් වෙලා ඒ වෙලාවේ  හිටියේ පොල්ගොල්ලේ වේල්ල උඩ  මම ඔව් රත්තරන්  කියල කිවුවා එටකොට රෝස මල  මට කිවුවා මම ඔයාට ආදරේ කරන්නම් කියල ඔහ මට දැනුන සතුට මම කැගැහුව සතුට වැඩි කමට එයට මම හදවතින් ආදරේ කරා එයා මට පොසොන් පෝය දවසේ පොරොන්දු වුනා හැමදාම මගේ ලගට වෙලා ඉන්නවා දුකේදී සැපේදී ආදරෙන් ලගට වෙලා ඉන්න්නවා කිවුවා පොරොන්දු වුනා මටම විතරයි  ආදරේ කරන්නේ හැමදාටම කියල මට මගේ ආදරේ ලැබුනා  ඔන්න ඕක තමයි  මගේ රෝස මලේ  ආදර අන්දරය එත් මේ කතාවේ ඊලග කොටස ඒ කියන්නේ අවසාන කොටස  ලගදීම ලියනවා ජුනි 25 තමයි දාන්න හිතන්නේ පොඩ්ඩක් කියන්නම් ඊලග කොටසේ වෙන්නේ  රෝස මල  නියගාල  මලක් වෙලා මේ බබරා වින්ද දුක හිකිස් 

එදා වගේම පොල්ගොල්ල වේල්ලට උඩින් පොසොන් හද පායනවා 
එදා  වගේම සද රැස් පොල්ගොලට එලිය දෙනවා ඒ සිහිල් සුළග තමත් මට දැනෙනවා 

එත් එකම පොබ්ලම් ඒක තමයි ඔයා  මගේ අදුරු  ලෝකයට ඇවිත්   එලිය දුන්නනේ worrenty  නැති cfl බල්බයකින්ද??? 

එහෙම නැත්තං ආරක්ෂාවක් නැති කුප්පි ලම්පුවෙන්ද ??? හිකිස් 

Wednesday, May 30, 2012

ප්‍රථම හාදුවේ පහස

2010 ජුනි 28 අප්පා මගේ ජිවිතේ අමතකම නොවන හෝරා කිහිපයක් ගෙවුනා ඇත්තටම ලස්සන පැය තුනක් මගේ පෙම්වතියගේ පාසල මහනුවර  ප්‍රසිද්ද ආප්ප කඩයක් එත් ඉතින් එයා ආප්ප කන්නේ නැති නිසා හොදට ගියා එයා කොට මොඩල් හැබැයි දගය සුදු පැහැපත් හමක් ඇති දග මල්ලක්   ම්ම්ම් වෙනදා සුපුරුදු පරිදි මාමගේ බැනුමත් සමග අවදි වුන මම ෆොනේ එක අතට ගත්තේ පෙම්වතිය ඊයේ රැ අන්තිමට මොනවද පැවසු දර්ම දේශනාව  බැලීමටය ආහ දන්නේ නැද්ද ඉතින් අපිටත් හොදට නින්ද යනවනේ පෙම්වතියගේ කන්දොස් කිරියාව ඔය වෙනස් වෙලා මට ගූඩ් රාත්‍රියක් කියන්නෙත් නෑ ඔය දෝයි ඔය වගේ ඒවා තමයි  ඉතින් උදේ පාන්දර පොඩි බටර් පාරක් ගන්න වෙනවා උදේ පාන්දර කිවුවට උදේ පන්දරමත් නෙමෙයි අටට විතර මල හුනියමයි අද පන්තිනේ ඉතින් ටග්ගල දත් මඩල පිරිසිදු කරගෙන රුපියල් දෙසීයක් ඉල්ලගෙන සිනබෝ පාරක් දාලා ගෙදරින් පැන ගන්නවා  

නවයලතැන්නෙන් බස් රථයට ගොඩ වෙලා කොටනවා කොටනවා කොටනවා ඉවරයක් නෑ ඇයි ඉතින් පෙම්වතිය බලාගෙනම ඉන්නේ කෙටි පණිවුඩයක් එනකම්නේ බස් එකේ ගැනු ළමයි ගොඩයි විවිද විවිද වර්ගයෙන් කොට මොඩල් නම් කොට මොඩල් කෙට්ටු මොඩල් නම් කෙට්ටු මොඩල් තව ඉතින් දන්නේ නැද්ද???? හිකිස්  කොහෙද ඉතින් පෙම්වතිය කෙටි පණිවිඩයක් පරක්කු වුනොත් අඩනවානේ හවස මීට් වුනාම තමයි  පොබ්ලම්    කොහොම හරි පන්තියට අවා කොල්ලෝ ටිකත් සෙට් වුනාම මොකක් හරි කුණු හරුපයක් කියාගෙන ඉන්නවා ඒ අස්සෙන් ගැනිගේ උපන්දිනේ මල මගුලයි කට්ටිය ජර බරේ කොහොම හරි කතාව වෙන පැත්තකට දාලා මාරු වෙනවා  ඔන්න ඉතින් පන්ති පටන් ගත්ත පෙම්වතියගේ කරදරේ ටික වෙලාවකට නැවතුනා දුරකතනයටත් පොඩි විවේක කාලයක් දෙන්නත් ඕනිනේ 

පන්තියෙත් එක හිතින් ඉන්න බැ ඇයි ගිර්ල් ෆ්රිඑන්ඩ්  මට උම්මා එකක් දෙන්නම් කිවුව දවස අදනේ එත් පොඩි කොස්සක් මම මිට කලින් කරලා නැනේ හෙමිට මගේ යාලුවෝ දෙන්නගෙන් ඇහුවා මචන් කොහොමද වැඩේ කරන්නේ මට බයයි බන් කවුරු වුනත් පොඩ්ඩක් බය වෙනවනේ එතකොට මගේ යාළුවගේ දුරකථනය අරගෙන පොඩි දර්ශනයක් පෙන්නුවා මෙහෙම කරපන් කියල අයෙත් අහලා මම සින් එක දෙපාරක් තුන් පාරක්  බැලුවා ටිකක් විතර තේරුණා දැන් ඉතින් පන්ති ඉවර වෙනකම් ඉන්න බැ රෝස මල් පෙති ඉබින්න ආසාවේ බෑ දන්නේ නැද්ද තම කොලු ගැටයනේ ඉවසුමක් නෑ  හිකිස් 

පන්ති ඉවරවුනා යාලුවෝ සෙට් එක ගියාට පසු  මගේ පෙම්වතිය පන්තිය ලගට පැමිණිය අපි දෙන්න පන්තිය පිටු පසට තනිවී හුදෙකල  වෙලා හිටිය මම එයාව ටිකක් මගේ ලගට ගත්තා ම්ම්ම් සුවද රෝස මල දැන් මට බයයි එත් ලැබුන අවස්ථව නැති කර ගන්නත් බැ හෙමිට රෝස පෙති දෙක ලගට ලං වුනා මට දැනෙනවා එයාගේ හුස්ම ගන්න සද්දේ රෝස මල ඇස් දෙක පිය ගත්තා මම තව ටිකක් එයාව ලගට ගත්තා හෙමිට මම රෝස පෙති ලගට ලං වුනා  ඉන් පසු මම  හෙමිට රොන් ගනිමින් සිටියා මම වෙනම ලෝකෙක අතරමන් වෙලා වගේ දැනුනා රෝස මලේ සුවද මට තවත් වැඩිපුර දැනෙන්න ගත්තා  එක පාරටම එය මගේ බෙල්ල බද ගත්තා අපොයි මට උස්ම ගන්නත් බැ එය මගේ මුන අතගාල සුදු ඔයාට මම ගොඩක් ආදරෙයි කිවුවා හිකිස්  දැන් රෝස මල රතු වෙලා  වෙලාව බැලුවා පැය තුනක් පමණ මම රොන් බිලා එයාගේ පන්තිය පටන් ගන්නත් ලග නිසා මම යන්න කලින් රෝස මල දිහා බලාගෙනම හිටියා ඉතින් ඔරලෝසුවේ බට්ටා ඉක්මනින් ගියද මන්ද එයා යන්න කලින් මම නළලට පොඩි හාදුවක් දීලා සුබ උපන්දිනයක්  කියලා සුබ පැතුවා රෝස මල දුව ගෙන ගියා මාත් හෙමිට මාරු වුනා එත් අද රෝස මල මම ගාව නැහැ  දුක තමයි සමහර වෙලාවට මම බබරෙක් වුනා වැඩිද මන්ද????

                  රෝස පෙති මත ආයේ පාරක් අතරමං වෙන්න තියෙනවනම් හපොයි හිකිස්..........                                                                                                       

Tuesday, May 29, 2012

ප්‍රශ්නය සහ විසදුම

මේක වුනේ මම පොඩි කාලේ ඔය වයසේදී ඉතින් පොඩි දෙයක් වුනත් දන ගන්නකම් ඉවසිල්ලක් නැනේ  අපේ ගෙදර බෝඩිමේ අක්කිට බබෙක් හම්බ වෙන්න හිටියා.... මට ලොකු පොබ්ලම් එකක් තිබුනා ඇයි ළමයි  හම්බ වෙනකොට විතරක් අක්කගේ බඩ බිම්බුනේ  ගිය මස ටිකේ හොදට හිටියනේ ඉතින් මට මේක දැන ගන්න ඕනි නිසා මම පොඩි උප්පරවට්ටියක් දැම්මා නැන්දගෙන්  ඇහුවා මම කොහොමද ඉපදුනේ කියල   
අම්මගෙන් අහන්නත් බැහැනේ වේවැල් කසය දුන්නොත් එහෙම.. හිකිස් .. ඔක්කොටම වඩා නැන්දා ඒ දවස්වල හෙන කෑල්ල. :පි 

පොඩි උනාට ඉතින් දන්නවනේ ..  කොහොම හරි නැන්දගෙන් අහපුවම දුන්නේ නියම උත්තරයක් , ඒ කාලේ අපි හෙන හාවෝ නේ, 
ඔන්න ඉතින් නැන්දා එයාගේ ලගට කතා එහෙම කරලා, උකුල උඩ වාඩි කරවාගෙන ( හා හා කියවන අය වෙන මොකවත් හිතන්න එපා ) . මගේ ඔලුව අත ගාල කියනවා 
" සුදු.... අපි ඉස්පිරිතාලෙට යනවනේ ... වාට්ටුවට ගියාම දෙයියෝ ලමයව දොස්තරට ගෙනත් දෙනවා , එය අපිට ගෙනත් දෙනවා "
එතකොට මට තව පොබ්ලම් එකක් ආවා. 
" එතකොට ඇයි ලොකුම ලොකු බඩක් එන්නේ ..? "
එතකොට නැන්දා කියනවා  " බබාලා හම්බෙන්න ඉන්න අය දැනගන්න තමා දෙයියෝ බඩක් දෙන්නේ " 
එතකොට බලාන යනකොට අපි එන්නේ දිවිය ලෝකෙන්  නේ .. අලී සෝක් .. 
මත ඉතින් ඕක දැනගෙන ගෙදරට ගියා. ටික වෙලාවකින් අපේ පොඩි අයියා හම්බුනා 
මම ඉතින් වීරයා වගේ මම හොයාගත්ත එක එයාට කිවුවා . 
එයා අහනවා " උබ දන්නවද නැන්දගේ දෙයියෝ කවුද කියල ..? " හිකිස් 
" යකෝ දෙයියෝ තමා බැදපු එකා, උ රෑට කරන ඒවගෙන් තමා බඩ එන්නේ " එහෙම කිය කියා මිනිහ හිනාවෙවී යන්න ගියා . එත් මම බලනවා මොකද්ද අ කතාවේ තේරුම මොකද්ද කියල 
මට මෙතන ඇත්ත කතාව තේරුනේ ඉස්කෝලෙදි සවුඛිය පාඩම උගන්නන කොට. එකත් හරියටම කියල තේරුනේ නැ. යාලුවෝ තමා හොදටම තේරුම් කරලා දුන්නේ . ටික කලක් යනකොට නිල් චිත්‍රපට බැලුවම  තමා වැඩේ මොකද්ද කියල හරියටම තේරුනේ . හුකැස්...... 

ඔය නැන්දා කියපු කෙනාට නැන්දා කිවුවට , එයා මගේම නැන්දා නෙමේ. අහල ගෙදර හිටපු ඇන්ටි කෙනෙක් .

ඇයි ලියන්නේ ..?

මේ දවස් ටිකනම් මගේ මුළු ජීවිතේම වින්ද අප්පිරිය අත්දැකීම් ඔක්කොම සිද්ද වෙනවා ආයෙත්. මම කරන වරදකුත් නැ, එත් මටම තම හැම දෙකම වැරැද්ද එන්නේ . ගිය අවුරුද්දේ හොද බූට් එකක් කෑවා. වෙසක් පෝය දවසෙම , එක දිරවගන්න බැරුව අවුරුද්දක් ලත උනා. කොහොම හරි කරලා එකෙන් ගොඩ එනකොට තව ගෑනියක් ඇවිල්ල ආයෙත් ඔක්කොම අවුල් කරා.  ඒ මදිවට රැකියා විරහිතයි. ඒ උනාට ජොබ් එකක් කරන්න ඒ තරම් වයසක් නැ . 
ඕන ඇටි කෙහෙලක් වෙන්න කියල මාත් හිතුව බ්ලොග් එකක් ලියල හරි මේ සිද්දි ටික නිසා උන දුක අඩු කරගන්න ,  ඉස්සර නේ දුක අඩුවෙන්න කියල බිවුවේ. දැන් එහෙම නැ , දැන් ලියන්නේ බ්ලොග් . හික්ස්ස් ... :ඩි